විවාහක ලෝක රූ රැජින ගැන ‘ෆේස්බුක් සමාජ ජාලයේ ‘ ආන්දෝලනාත්මක වීඩියෝවක් (VIDEO)

විවාහක ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලයින් ජූරි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කළේ තමන්ට සහාය දැක්වූයේ සැමියා සහ නැන්දම්මා පමණක් බවයි.

ඇගේ එම ප්‍රකාශය මේවනවිට විවේචනයට ලක් වෙමින් තිබෙනවා.

ඒ,කැරොලයින්ගේ ගුරුවරිය වූ ප්‍රවීන මෝස්‌තර නිරූපණ ශිල්පිණී චූලාපත්මේන්ද්‍රා කුමාරපතිරණ ඇයට පුහුණු කරන වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීමත් සමගයි.

එම වීඩියෝවත් සමග මෙවැනි සටහනක් ද ඇය එක්කර තිබුණා.

“සාමාන්‍ය ගුරුවරක් පාඩම් කියලා දෙනවා. හොඳ ගුරුවරයා පැහැදිලි කරනවා. උසස් ගුරුවරයා නිරූපණය කරනවා. ශ්‍රේෂ්ට ගුරුවරයා ශක්තියක් වෙනවා. 2020 විවාහක ලෝක රූ රැජින කිරුල ලංකාවට ගෙන ආවට ස්තුතියි කැරොලයින්. මගේ ශිෂ්‍යයෙක් වුන පළවෙනි දවසේ ඉඳලා මේ තරම් කෙටි කාලයකින් ඔබ ගොඩක් දේවල් ඉතා හොඳින් ඉගනගෙන තියනවා. මගේ chulpadmendra catwalk studio එක ඒ වෙනුවෙන් තෝරාගැනීම සම්බන්ධයෙන් ස්තුතියි. අපි හැමෝගෙම ආශීර්වාදය සහ සුබ පැතුම් හැමදාමත් ඔබ සමගයි.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *