අගමැති මෝදි භාරත පුතුන් සනසවයි

ඊයේ(19) පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල එක්ස් ගිණුමට එක්කර තිබේ.

ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට ලක් වූ ඉන්දීය කණ්ඩායම වෙනු‍වෙන් අගමැතිවරයා මෙම පණිවිඩය තබා ඇත.

”ආදරණීය ඉන්දීය කණ්ඩායම, ලෝක කුසලානය හරහා ඔබේ දක්ෂතා සහ අධිෂ්ඨානය කැපී පෙනුණි. ඔබ මහත් ආත්මයකින් ක්‍රීඩා කර ජාතියට ඉමහත් අභිමානයක් ගෙන දී ඇත. අපි අදත් සැමදාත් ඔබ සමග සිටිමු.”

මේ අතර “විශිෂ්ට ලෝක කුසලාන ජයග්‍රහණයක් සඳහා ඕස්ට්‍රේලියාවට සුබ පැතුම්! ට්‍රැවිස් හෙඩ් අද ඔහුගේ විශිෂ්ට ක්‍රීඩාවට ප්‍රශංසා කරනවා.” යනුවෙන් ලෝක ශුරතාව හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සුබපැතුම් එක්කරන්නට ද අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබුණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *