අග්බෝගේ පාදය සම්පූර්ණයෙන්ම සුව වීමට මාස තුනකට වැඩි කාලයක්

සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් ඉදිරි වම් පාදයට දැඩි හානි සිදුව ඇති අග්බෝ ඇතාගේ එම තුවාල සුව වීම සඳහා මාස තුනකට අධික කාලයක් ගතවන බව පශු වෛද්‍යවරුන් පවසනවා.

මේ වනවිටත් එම ඇතා මාස තුනක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටින අතර ඊයේ(17) දිනයේ ද පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සහ අනුරාධපුර වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වෛද්‍යවරු හා සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් ඊට එක්ව තිබෙනවා.

අනුරාධපුර කලාප භාර වනජීවී කාර්යාලය පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ ඇතාගේ තුවාල මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත් සම්පූර්ණයෙන්ම සුව අතට පත් වීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *