අතුරුදන්වූ පොලිස් නිලධාරියාගේ සිරුර හමුවෙයි

වැටලීමක් අතරතුරදී අතුරුදන්වූ පොලිස් නිලධාරියාගේ සිරුර සොයාගෙන තිබේ.

ඊයේ (14) කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල සිදු කළ මත්පැන් ජාවාරමක් වැටලීමේදී  මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් තිබූ අතර එහිදී ක්‍රියාත්මකවු පොලිස් කොස්තාපල්වරයෙක් ඔවුන්ව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී මෙලෙස අතුරුදහන් වී තිබුණි.

ඊයේ සවස් වනතුරුත් කොස්තාපල්වරයා සොයා ගැනීමට නොහැකි වූ අතර, අද (15) ඔහුගේ සිරුර පුදුඅයියන්කුලම ප්‍රදේශයෙන් ගොඩගෙන තිබේ.

මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පොලිස් කොස්තාපල් චතුරංග නමැති අයෙකි.

ඔහු කිලිනොච්චිය පොලිස් ස්ථානයේ සේවය කරමින් සිට තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ළඟම ඥාතීන්ට භාරදීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *