අධික වැසි හමුවේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට බාධා: ප්‍රධාන මාර්ග දෙකක ගමනා ගමනයට තවදුරටත් බාධා

පවතින අධික වාර්ෂාවත් සමග ප්‍රදේශ රැසක ජන ජීවිතයට බාධා එල්ල වී තිබේ.

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය ගමනාගමන කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් ම ඇණහිට ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

ඒ, හුන්නස්ගිරිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙනි.

මීට අමතරව පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය තවදුරටත් ජලයෙන් යටව පවති.

ඒ, ගල්ලෑල්ල මනම්පිටිය ප්‍රදේශයෙන් මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙනි.

පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ, මේ වනවිට මොරගහකන්ද ජලාශයෙන් අඹන්ගගට ජලය මුදා හැරීම හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි.

සෝමාවතිය පුදබිම තවදුරටත් ජලයෙන් යටව පවති.

කවුඩුල්ල හා මින්නේරිය ජලාශවලින් නිකුත් කෙරෙන ජලය හේතුවෙන් ලංකාපුර හා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට යම් බලපෑමක් ඇති ව තිබෙන බව රංජිත් අලහකෝන් මහතා පැවසීය.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *