අධික වේගය තරුණ ජීවිතයක් අකාලයේ බිලි ගනියි

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ හත්තිනිය ප්‍රදේශයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මිය ගොස් ඇති බව මාරවිල පොලිසිය පවසයි

ඊයේ (19) සවස් කාලයේ දී මෙම අනතුර සිදු වී තිබෙයි.

මෙසේ මියගොස් ඇත්තේ  ඉහළ මහවැව පදිංචිව සිටි රන්පටි දේවගේ නිපුන් මදුශංක නමැති වයස අවුරුදු 20 ක තරුණයෙකි.

මහවැව සිට  වෙන්නප්පුව දිශාවට  මියගිය තරුණයා ඩියෝ වර්ගයේ යතුරුපැදියකින්  ගමන් කරමින් සිටියදී  එම දිශාවටම  ගමන් ගත් මෝටර් රථයක ගැටී  අනතුරුව විරුද්ධ දිශාවෙන් පැමිණි සුඛෝපභෝගී මගී  ප්‍රවාහන බස් රථක ගැටීමෙන්  මෙම අනතුර සිදුවී ඇත.

අනතුරෙන් පසු යතුරුපැදියේ ගමන් ගත් තුවාලකරු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන්  පසු  අසාධ්‍ය තත්වයේ පසුවූ බැවින්  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව   මියගොස් තිබේ.

අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදිය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව  පොලිසිය පවසයි. සිද්ධියෙන් යතුරුපැදියට බරපතල හානි සිදුවී ඇත.

මෝටර් රථයේ රියැදුරු හා  බස් රථයේ  රියදුරු  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව මාරවිල පොලිසියේ රථවාහන  අංශය  විමර්ශන කටයුතු සිදුකරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *