“අලුත උපන්” බිළිඳෙකුගේ මළ සිරුරක් ඇළ මාර්ගයක තිබී හමුවෙයි

අලුත උපන් බවට සැක කෙරෙන බිළිඳෙකුගේ මළ සිරුරක් කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී අද (ජූලි 24) දින හමු වූ බව නොර්වුඩ් පොලිසිය පවසයි.

හැටන්, බගවන්තලාව මාර්ගයේ, සේන්ට් ජෝන් ටිලරි වත්ත ප්‍රදේශයේ මාර්ගයේ කුඩා පාලමක් යට, ඇළ මාර්ගයේ තිබී මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇත.

එම මාර්ගයේ ගමන් ගත් වතු කම්කරුවන් පිරිසක් අදාළ ඇළ මාර්ගයේ පොලිතින් උරයක දැමූ බිළිඳු මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට නොර්වුඩ් පොලිසියට කළ දැනුම් දීමක් මත නොර්වුඩ් පොලිසිය විසින් එම මළ සිරුර සොයා ගනු ලැබ තිබේ.

අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් මෙලෙස ඇළ මාර්ගයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

ඒ අනුව, බිළිඳා බිහි කළ මව සොයා නොර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *