අස්වැසුමේ අභියාචනා සමාලෝචනය මෙම මස අවසන්

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලැබී ඇති අභියාචනා සහ විරෝධතා සමාලෝචනය මේ මාසයෙන් අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් බිලියන පහයි දශම දෙකක මුදලක් මාසිකව වැයවන බවයි.

අස්වැසුමට එරෙහිව අභියාචනා දසලක්ෂ 24,059 ක් සහ විරෝධතා එක්ලක්ෂ 24,495 ක් ලැබී ඇති බවත් පවුල් අටලක්ෂ 87,653 ක් අස්වැසුම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

පවුල් ලක්ෂ 20 ක් සඳහා ප්‍රතිලාභ ලබා දීම අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ අරමුණ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *