ඇමති බන්දුල විසින් රචිත නවතම කෘතිය එළිදැක්වෙයි

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත නවතම කෘතියක් ඊයේ එළිදැක්වුණා.

2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාව නැමැති මෙම කෘතිය දොරට වැඩීමේ උත්සවය පැවැත් වුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීයී.

කෘතියේ රචකයා ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහි මුල් පිටපත් ආරාධිතයන් ලෙස පිලිගැන්වුවා.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් ඇතුලු ආරාධිතයන් වෙත කෘතියේ මුල්පිටපත් පිලිගැන්වීමයි සිදු කෙරුණේ.

ආර්ථිය කඩා වැටීමට හේතු වූ කරුණු සහ ඉන් මිදීමට ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම අයිඑම්එෆ් යෝජනා ආදී කරුණු කෘතියට ඇතුළත් කර ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

විද්වතුන් කිහිප දෙනෙකුම මෙහිදී දෙසුම් පැවැත් වුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *