ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පකිස්තාන – ඇෆ්ගනිස්තාන එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

එක් දින සීමිත ඕවර් 50 තරගාවලියක් ලෙස සංවිධානය කර ඇති මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානයේ පැවැත්වීමට සැළසුම් කර තිබුණ ද , පසුව එම තීරණය වෙනස් කර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

තරග 03 කින් සමන්විත මෙම තරගාවලියේ 08/22 සහ 08/24 දින වල තරග 02 ක් හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ත් , ඉතිරි තරගය 08/26 දින කොළඹ පැවැත්වීමටත් මේ වනවිට මෙම තරග සංවිධායකවරුන් සැළසුම් කර තිබෙනවා.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර , ඔවුන් දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ බලා රැගෙන ඒමට පියවර ගෙන තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *