ඊයේ වැස්සට සේදුණු ඉන්දු – පකිස්ථාන ක්‍රිකට් සටන අද දෙවන දිනටත්


වර්ෂාව හේතුවෙන් අතරමග නතර කෙරුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය අද(11) පැවැත්වෙයි.

තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 147කි.

කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියාව වෙනුවෙන් ශුබ්මන් ගිල් ලකුණු 58යි.

නායක රෝහිත් ශර්මා එක්දින ක්‍රිකට් පිටියේ සිය 50 වැනි අර්ධ ශතකය රැස් කළේ ය.

වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ තාවකාලිව නතර කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියේ විරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් ය.

ඒ අනුව තරගය අද පස්වරු 3ට ආරම්භ වන්නේ, නවතා දැමූ පන්දුවාරයේ සිටයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *