ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෛද්‍ය ආධාර දෙන්න කටාර් රාජ්‍ය සහ ප්‍රංශය එක්වෙයි

ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෛද්‍ය ආධාර ලබා දීම සඳහා කටාර් රජ්‍ය සහ ප්‍රංශය මැදිහත්වී තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කටාර් සහ ප්‍රංශ නියෝජිතයින් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල බලධාරීන් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව ඊට අනුමැතිය ලැබුණු බවයි.

ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිට පුද්ගලයින් 240 දෙනෙකු පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගියහ.

ඉන් 100 කට වැඩි පිරිසක් පසුව නිදහස් කළ ද තවමත් ගාසා තීරයේ රඳවාගෙන සිටින පිරිස් සඳහා අවශ්‍ය වෛද්‍ය ආධාර ලබාදීම මෙහි අරමුණයි.

ගාසා තීරයේ වඩාත්ම බලපෑමට ලක් වූ සහ අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීම ද මේ හරහා  සිදු කෙරෙනු ඇති.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගොස් ඇති ගාසා සිවිල් වැසියන් සංඛ්‍යාව 25,000 කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *