උඩවලවේ දිවියෙකු මරා දැමේ

උඩවලව ජාතික වනෝද්‍යානයේ දිවියෙකු මරා දමා ඇතැයි අප වෙත වාර්තා වුණා.

එම ජාතික වනෝද්‍යානයේ මුවන්පැලැස්ස ප්‍රදේශයේදී අදාළ දිවියා මරා දමා ඇති බවටයි වාර්තා වුණේ.

මරාදමා ඇති එම දිවියාගේ මළ සිරුර මේ වන විට තවත් සතුන් විසින් ආහාරයට ගන්නා බව උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත පිරිසක් අප වෙත පැවසුවා.

එම දිවියා මරා දැමීම සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් අවධානය යොමුකර නොමැති බවද වැඩිදුරටත් වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *