කඩුවෙල 8 කණුව ප්රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අදාළ ප්රදේශයේ නාඳුනන මළ සිරුරක් ඇති බවට කඩුවෙල පොලීසියට ඇමතුමක් ලැබුණු බවයි.
සැකකරුවන් හා මියගිය පුද්ගලයා අතර කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරුවන්, අදාළ පුද්ගලයා පැහැරගෙන ගොස් මුල්ලේරියාව ප්රදේශයේදී පහරදී ඝාතනය කර, පසුව ත්රීරෝද රථයකින් 8 කණුව ප්රදේශයට ගෙනවිත් දමා ඇතැයි මූලික විමර්ශන වලදී අනාවරණය විය.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ විමර්ශනයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලම්පිටිය හා අංගොඩ ප්රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
ඔවුන්ගෙන් කළ ප්රශ්න කිරීම් වලදී ඝාතනය සඳහා යොදා ගත් පිහියක්, වයරයක්, යතුරු පැදියක් සහ ත්රීරෝද රථයක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කලා.
සැකකරුවන් අද (03) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.