පසුගිය 4වන දා කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ප්‍රධාන සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 350ක් සහ ජංගම දුරකතනයක් ද සමගයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු 26 හැවිරිදි අයෙක්. සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා කඳාන පොලිසිය වෙත භාරදුන් බව වැටලීම සිදුකළ විශේෂ කාර්ය බලකාය පවසනවා.
මොහු විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන රසික චමෝද් නොහොත් චූටි මල්ලි යන අයගේ සමීපතමයෙකු බව ද විශේෂ කාර්ය බලකාය සදහන් කරනවා.