ක්‍රීඩාවට අත්පොත් තැබූ පාසලට මහේෂ් තීක්ෂණ කළගුණ සලකයි

වැල්ලම්පිටිය සේදවත්ත ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයෙන් තම ක්‍රීඩා දිවියට අත් පොත් තැබු ක්‍රිිකට්  ක්‍රීඩක මහිෂ් තික්ෂණ  මහතා නව වසරේ තම විදුහල් බිම වෙත පැමිණ විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයින් හමුවි විදුහලේ වර්තමාන ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත විය

එහිදි තික්ෂණ මහතා අයදුම් පතක් පුරවා ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකකත්වය ලබා ගත්තේය.

නවිකරණය  වෙමින් පවතින  විදුහලේ ක්‍රීඩා පිටියද නිරික්ෂණය කළ ඒ මහතා  ක්‍රීඩා පිටියේ ඉදිරිි සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ආදි ශිෂ්‍ය සංගමය වෙත පරිත්‍යාග  කිරිමද සිදුවුණි.

පාසැලේ ඉදිරි උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන්ම  තම  සහය ලබා දෙන බවද හෙතෙම පවසා සිටියේය.

මෙම අවස්ථාවට විදුහල්පති  ඉන්ද්‍රජිත් බොලුකදුර ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්  රෝහිත  සෙනෙවිරත්න  භාණ්ඩාගාරික  දිනේෂ් චින්තක  රොශාන් රුබේරු   හර්ෂ  නලින්  නන්දන  විරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වුහ .

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *