කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් ගෘහ සේවිකාවන් 35 ක් මෙරටට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව දිගු කළක් රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත වී සිටි 35 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

ඔවුන් අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය , ආගමන විගමන දෙපාර්තමේන්තුව , අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එකගතා ඇති කර ගනිමින් මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත පිරිස මෙසේ යළිත් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *