කොටදෙනියාවේ මාරක රිය අනතුරක්

කොටදෙනියාව කොළඹ කුරුණෑගල මාර්ගයේ වල්පිට ප්‍රදේශයේදී පාපැදි තරගයක් සඳහා පුහුණු වෙමින් සිටි පාපැදිකරුවෙකු ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පාපැදිකරු බරපතල තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

16 හැවිරිදි මියගිය තරුණයා හීනටියන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

අනතුර සම්බන්ධයෙන් පුද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොටදෙනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *