ගංවතුර සහ නායයෑම්වලින් ටැන්සානියාවේ 47ක් මරුට

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ටැන්සානියාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගොස් ඇති බවයි .

පුද්ගලයින් 80 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා අතැයි විදෙස් මාද්‍ය වාර්තා කළේ  ය

එරට යටිතල පහසුකම් රැසක් ගංවතුර සහ නායයෑම්වලින් විනාශ වී ඇතැයි සඳහන් ය .

පසුගිය මාසයේදී ද අධික වර්ෂාපතනය හමුවේ, අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොඩනැගිලිවලට පවා දැඩි බලපෑමක් එල්ල විය.

පවතින අධික වැසි තත්ත්වය මේ මස අවසන් වනතුරුම පවතිනු ඇතැයි එරට කාලගුණ අංශ අනතුරු අඟවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *