වයෝවෘද්ධ, ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සුබසාධනය සදහා විශේෂ ආයතනයක් ලබන වසරේ ආරම්භ කරන බව ඔස්කා පදනමේ සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා පවසනවා.
මල්වතු මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.