ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ජාතික සුපිරි ලීග්’ සිවුදින ක්‍රිකට් තරගාවලිය හෙට (18) සිට ආරම්භවීමට නියමිතව ඇත.
මාස 3කට අධික කාලයක් පුරා පැවැත්වීමට යෙදී ඇති තරගාවලිය මැයි මස 3 වැනිදායින් අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර සුපුරුදු පරිදි තරගාවලිය සඳහා ගාල්ල, මහනුවර, යාපනය, කොළඹ සහ දඹුල්ල ලෙස කණ්ඩායම් 5ක් සහභාගී වේ.
රමේෂ් මෙන්ඩිස් ගාල්ල කණ්ඩායමේ නායකත්වය දරන අතර මහනුවර කණ්ඩායමේ නයකත්වය පැතුම් නිස්සංක හට හිමිව ඇත.
දඹුල්ල කණ්ඩායමේ නායකත්වය කමිඳු මෙන්ඩිස් විසිනුත්, යාපනය කණ්ඩායමේ නායකත්වය ධනංජය දි සිල්වා විසිනුත් හොබවද්දී කොළඹ කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවනු ඇත.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ, දඹුල්ල, පල්ලෙකැලේ, ආර්. ප්‍රේමදාස සහ එස්. එස්. සී ක්රීඩංගණන්හිදී මූලික වටයේ තරග පැවැත්වීමට නියමිත අතර අවසන් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 30 වැනිදා සිට මැයි 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව පවතී.