ලියාපදිංචි නොකළ මෝටර් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාරයේ සිට ලිව්වේ යැයි හගවමින් වෙබ් අඩවියක පළවී ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලිපියක් නිකුත්කර ඇති බව එහි සඳහන්ව ඇති බවත් බන්ධනාගාරයක් තුළ සිටින සැකකරුවකු හෝ සිරකරුවකු යම්කිසි ලිපියක් පිටතට යවන්නේ නම් එය අදාල බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යොමුකළ යුතු බවත් ඒ මහතා කීය. එවැන්නක් බන්ධනාගාර නීති රීතිවලට යටත්ව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය අනුව කළ යුතු බවත් මෙම ලිපිය පළවීම පිළිබඳ තමන් කිසිවක් නොදන්නේ යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය
You May also like
- ලෝක උරුමනක් වූ අභය වැව
- ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා බැවින් නිදහස් කෙරේ
- උඩු ගුවනේ දී ජීවිතය මුදාහල ඔවුන් වෙනුවෙන් මුහුණු පොතේ හඬා වැටෙන මිනිස්සු
- ජන අරගල සන්ධානයේ ඡන්ද ලකුණ ප්‍රකාශයට පත් කෙරේ
- eBay, අලි එක්ස්ප්‍රස් ඔන්ලයින් බඩු ඇණවුම් කරද්දී මින් පසු 3.5 ක බද්දක්
- රජයේ සේවකයින්ගේ වැටුප ගැන අලුත් දැනුම්දීමක්
- ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා දෙන රුපියල් 2,000 අද සිට
- ගැබිණි මාතාවන්ගේ පෝෂණ මල්ල කපලා !
- බුදු සසුනට කුළ දරුවන් සියයක් පිදූ පින්බර මොහොත (PHOTOS)
- බීජ රෝපණය කිරීමෙන් වැළකී ‘අතු රිකිළි බද්ධ කරමින් කළ’ සූක්ෂම ගංජා වගාව (PHOTOS)
2024-10-29