ජෝසප් ස්ටාලින්ගේ කොරෝනා සමයේ නඩුවක් කල් තැබේ

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා ඇතුලු සැකකරුවන් පිරිසකට එරෙහිව පනවා ඇති නඩුවක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(31) දින නියම කළා.

කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ වකවානුවේ සෞඛ්‍ය සේවා ජනරාල්වරයා විසින් පනවා තිබූ රෙගුලාසි කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කිරීමේ සිද්ධියකට එරෙහිවයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

ඒ අනුව අදාළ නඩුව ඔක්තෝම්බර් මස 09වනදා දක්වා කල් තැබුණා.

සැකකරුවන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ අද පෙනී නොසිටි නිසා ඔවුන්ට යළි සිතාසි යැවීමට ද පියවර ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *