හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නව චෝදනා 4 ක් ගොනු කර තිබේ.
ඒ අනුව ඔහු හෙට (03) වොෂිංටන් අගනුවර අධිකරණයක් හමුවට කැඳවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.
2020 වසරේ පැවති ජනාධිපතිවරණය පරාජය වීමත් සමග අවස්ථා ගණනාවකදී මැතිවරණ වංචා සිදුව ඇතැයි ව්‍යාජ ප්‍රකාශයන් සිදු කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා අතරට අයත් වේ.
2020 වසරේ ජනවාරි 6 වැනි දා ඩොනල්ඩ් ට්‍රම්ප් පාක්ෂිකයින් වොෂිංටන් අගනුවර පිහිටා තිබෙන අමෙරිකානු කොංග්‍රසය රැස් වන කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණි.
එම පිරිසට එලෙස අනවසරයෙන් කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වීමට අනුබල දීම හිටපු ජනාධිපතිවරයාට එල්ල වී ඇති තවත් චෝදනාවකි.
රහසිගත ලේඛන අනවසරයෙන් ළඟ තබා ගැනීම පිළිබඳව ෆ්ලොරීඩා ප්‍රාන්ත අධිකරණයේ සහ, මුදල් ගෙවා තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණයක හිටපු ජනාධිපතිවරයාට එරෙහිව තවත් නඩු ගොනු කර තිබේ.
මෙම චෝදනා සියල්ල එල්ල වන්නේ ඔහු 2024 වසරේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක සටනට ද එක්ව ඇති පසුබිමකයි.