තවත් සැකකරුවෝ 950ක් යුක්තියට කොටුවෙති

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08)  සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

සැකකරුවන් සිව්දෙනෙක් පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින්  296g
අයිස් 194g
ගංජා 117kg 421g
ගංජා පැල 41767ක්
අබිං 48kg 140g
මාවා 01kg 86g
තුල් 25g
මත්පෙති 223ක්
හෑෂ් 90g
මදන මෝදක ගුලි 77g

මේ අතර මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) මරදාන පොලිස් වසමේ සේරම් මාර්ගයේ සහ නොරිස් කැනල් ප්‍රදේශයේ සිදුකළ යුක්තිය මෙහෙයුමක් අතරතුර එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 580ක් සහ මුදල් රුපියල් 95,840ක් සන්තකයේ තබාගෙන සිටි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 36 හැවිරිදි පුද්ගලයෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 350ක් හා යතුරුපැදියක් සමග කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38ක පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මරදාන පොලීසිය වෙත භාර දී තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *