දුලංජලීව මරා රටින් පනින්න හැදූ ඝාතකයා කොටුවෙයි

කහතුඩුව අධිවේගී පිවිසුමට පැමිණ සිටිය කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු විදෙස්ගතවීමට උත්සාහ කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවය කරමින් සිටි දුලංජලී අනුරුද්ධිකා සිය සේවාව නිමා කර නිවස බලා ගමන් කිරීමට පැමිණ සිටියදී ඝාතනයට ලක් වුණේ.

එම ඝාතනය සිදු කළ සැකකරු ඊයේ රාත්‍රියේ මැලේසියාව බලා ගමන් කිරීම සදහා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණ සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගත්තා.

47 හැවිරිදි සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනයට ලක් වු කාන්තාව එක්දරු මවක වන අතර ඇය වෛද්‍යවරයෙකු සමග විවාහ වී සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *