විවිධ හැඩරුවවලින් විවිධ ස්ථානවල ඉපදෙන හැමදෙනාගේම සිතිවිලි මෙන්ම හැකියාවනුත් විවිධයි.
සමහරුන්ගේ හැකියාවන් විශේෂයි.
එවැනි විශේෂ හැකියාවක් ඇති තරුණයකු ගැන තොරතුරු වාර්තා වුණේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන්.
විසකුරු සර්පයින් අල්ලා රක්ෂිතවලට ගෙනවිත් දමන සුපුන් ලක්ෂාන් නොහොත් නයි පොඩ්ඩා 26 හැවිරිදි තරුණයෙක්.
ඔහු පවසන්නේ සර්පයින් අල්ලා කැලයට මුදා හැරීම ආරම්භ කර වසර 11 කට වැඩි බවයි.
මේ වන විට නාගයින් 300ක් පමණ රක්ෂිතවලට ගෙන ගොස් ඇති බව ඔහු සඳහන් කරනවා.
ඇතැම් අවස්ථාවල සර්පයින් දශ්ට කළ නමුත් පරිසරයේ සමතුලිත බව ආරක්ෂා කර ගැනීම සඳහා උරගයින් විශේෂ කාර්ය භාරයක් ඉටු කරන බවයි.
අඹගස්දෝව පොලීසිය පිහිටි ඉඩමේ තුඹසක සිටි නාගයන් අල්ලා ගෙන කැලයට මුදා හැරියේද මොහුයි.