නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

නවගමුව ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම කර ඇති බවයි.

ආරක්ෂක අංශ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේ මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇත.

පසුව ඔවුන් එම පුද්ගලයා අසළ තිබූ වගුරුබිමකට කැඳවාගෙන ගොස් ඔහුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා අතුරුගිරිය රෝහලට ඇතුළත් කෙරුණි.

පොලීසිය සඳහන් කළේ, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, නවගමුව වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *