නිල සංචාරයක් සඳහා ලංකාවට එන බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය

එළිසබෙත් මහ රැජිණගේ දියණිය වන බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10) මෙරටට පැමිණීමට නියමිත වේ.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානීය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සඳහා මෙරට රජය කළ ආරාධනය මත කුමරිය මෙරට සංචාරයේ නිරතවන බවයි.

එහිදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිත බව සඳහන් ය.

කුමරිය සමග ඇගේ ස්වාමීයා වන වයිස් අද්මිරාල් ශ්‍රිමත් ටීම් ලෝරන්ස් මහතා ද මෙරට සංචාරයේ නිරත වනු ඇති.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *