අධික වර්ෂාවත් සමඟ හිගුරක්ගොඩ ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් කාන්තාවක මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
අධික වර්ෂාවත් සමඟ හිගුරක්ගොඩ මින්නේරිය ප්‍රදේශයේ අක්කර 70 නෙල්මාවතේ පිහිටි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් වයස අවුරුදු 23ක එක්දරු මවක් ජිවිතක්ෂයට පත්වුණා.
වයස අවුරුදු එකහමාරක් වන ඇයගේ දියණිය හා වයස අවුරුදු 26ක් වන සැමියා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.