ප්‍රතිකාරවලින් පසුව සීතා ඇතින්න ඇය විසූ මහරගම නිවසට රැගෙන ඒමට කටයුතු කෙරුණා.
ඇතින්නට සාධාරණය ඉටු කර ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයට හෝ යාමට පසුබව නොවන බවයි ඇතින්නගේ හිමිකරු එස් එම් රොෂාන් මහතා පවසන්නේ.
මහියංගන පෙරහැරට රැගෙනවිත් සිටියදී වන අලියෙකු යැයි සිතා වනජීවී නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වු සීතා ඇතින්න මහනුවර රණවන ප්‍රදේශයේ නිවසක රඳවා ප්‍රතිකාර ලබාදිම සිදු කෙරුණා.
වෛද්‍ය උපදෙස් මත ඇය යළිත් මහරගම නිවස වෙත රැගෙන යාමට පියවර ගත්තා.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී ඇතින්න එක මොහොතක් හෝ නිදා නොගත් බවයි පැවසෙන්නේ.
මේ අතර මෙම සත්වයාට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පැවසුවේ ඇතින්නගේ පෙනහැලේලේ තවත් උණ්ඩ තිබිය හැකි බවයි.
රබර් උණ්ඩවලින් වෙඩි තැබීම සිදු කළ බව පැවසුවද පසුගියදා ඇතින්නට කළ ශල්‍යකර්මයේ දී හෙළි වූයේ ජීව උණ්ඩවලින් වෙඩි තබා ඇති බවයි.