පාසල් දරුවන්ට මත්පෙති අලෙවි කළ හතර දෙනෙකු අත්අඩංගුවට

පාසල් දරුවන් හා තරුණ පරපුර ඉලක්ක කරගනිමින් අනුරාධපුර නගරයේ මත්පෙති අලෙවි කිරිමේ නිරත සැකකරුවන් හතර දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඔවුන් ළඟ තිබි මත්පෙති හා කරල් 970ක් සොයා ගෙන තිබෙනවා.

අනුරාධුපර නගරයේ පාසල් දරුවන් වැඩි වශයෙන් ගැවසෙන මෙන්ම උපකාරක පංති පැවැත්වෙන ස්ථානවල දී මේවා අලෙවි කෙරෙනවා.

එමෙන්ම නව බස්නැවතුම්පළ , මහජනපොළ හා වැව් උද්‍යාන ප්‍රදේශ ආසන්නයේ ස්ථාන 4කදී මත්කරල් සොයා ගැණුනා.

සැකකරුවන් අනුරාධපුර පූජා නගරය , ගලෙන්බිදුණුවැව , උපුල්දෙණිය හා රඹෑව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *