පැපුවානිව්ගිනි රාජ්‍යයේ උණුසුම් තත්ත්වයක්

පැපුවානිව්ගිනි රාජ්‍යයේ උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.

උණුසුම් තත්ත්වය මතුව ඇත්තේ රජයේ වැටුපෙන් යම් කිසි ප්‍රමාණයක්  කපා හැරීම හා ජීවන වියදම පදනම් කරගනිමින් සිදු කළ විරෝධතාවලට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමගයි.

එ් අනුව වීදි බැසපු ජනතාව සුපිරි වෙළඳ සැල් කොල්ලකමින් ගොඩනැගිලි හා රථ වාහනවලට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව විදෙස් වාර්තා පවසයි.

පෝර්ට් මෝස්බි නගරයේ ඇති වූ මේ ගැටුම් හේතුවෙන් 15 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ එරට අග්‍රමාත්‍යවරයා ජාතිය අමතමින් පවසා ඇත්තේ නීති විරෝධීව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් දෙන බවයි.

ඒ අනුව හමුදා භට පිරිස්ද තත්ත්වය පාලනය කිරීමට යෙදවූ අතර මේ වන විට තත්ත්වය පාලනය වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ රජයේ සේවකයන්ගෙන් ඇමරිකානු ඩොලර් 100 කට ආසන්න ප්‍රමාණයක් අඩු වී ඇත්තේ පරිගණක පද්ධතියේ දෝශයකින් බවත් රජය බදු ලෙස එම මුදල අයකර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි.

එරට පවතින ආර්ථික අර්බුධය හා උද්ධමනය හේතුවෙන් විපක්ෂය වත්මන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටද නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *