පුත්‍රයා සමඟ විවාහවීමට සිටි 16 හැවිරිදි දැරිය දූෂණය කළ පියා

ආණමඩුව, පෙරියකුලමේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් 18 හැවිරිදි වියේ පසුවන සිය පුත්‍රයා සමඟ විවාහවීමට අපේක්ෂාවෙන් සිටි 16 හැවිරිදි දැරියක් දූෂණය කර තිබෙනවා.

කුලී වැඩ කරමින් ජීවත් වූ 18 හැවිරිදි පුත්‍රයා අදාළ දැරිය සමඟ සිය පියාගේ නිවස ආසන්නයේ කුඩා නිවසකට පසුගියදා පදිංචියට පැමිණ තිබුණේ දැරියට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු විවාහවීමේ අපේක්ෂාවෙනි.

ඒ වනවිට ඔහුගේ මවද ගැබ්ගෙන සිට ඇති අතර ඔහු ඇයව දින කිහිපයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගොස් තිබුණා.

ඒ අතරතුර ඔහුගේ පියා වරින්වර දැරිය දූෂණය කර ඇති අතර, ඇය තරුණයාට මේ පිළිබඳව දැනුම්දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *