පොඩ්ඩන්ගේ ක්‍රිකට් සැණකෙළිය ඇරඹෙයි

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (19) ආරම්භ විය.

ඒ අනුව අද තරග දෙකක් පැවැත්වෙයි.

අයර්ලන්තය සහ අමෙරිකාව අතර තරගය Bloemfonteinහි පැවැත්වෙන අතර සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය Potchefstroomහි පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පන්දු යැවීමට තීරණය කළහ.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට ක්‍රිකට් ආයතනයට පැනවූ තහනම හේතුවෙන් එම අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය.

මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඛාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 16ක් තරග වදී.

ශ්‍රී ලංකාව C ඛාණ්ඩය යටතේ තරග වදින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ නැමීබියා කණ්ඩායම් ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *