බහින්බස්වීම මරණයකින් කෙළවර වෙයි

පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් කුඩාඔය පොලිස් වසමේ කඩවරවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි පන්නේගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමකින් පසු ඊයේ (04) රාත්‍රියේ එක් පුද්ගලයෙකු අදාළ පුද්ගලයාට පොල්ලකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් 38 හැවිරිදි තෙළුල්ල ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *