බිරිඳව ඝාතනය කළ සැමියා සියදිවි නසා ගනී

පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවය.

අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විමර්ශනයේදී සැකකරු ද නිවස ආසන්න ප්‍රදේශයේ ගසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර ද සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි කාන්තාවක් සහ 54 හැවිරිදි මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිව සිටි බිරිඳ සහ සැමියා බව පොලීසිය පවසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *