බූස්ස බන්ධනාගාරයේ රණ්ඩුවක් – සැකකරුවෙක් ඖෂධ සංයෝජක නිලධාරියෙකුට පහර දෙයි

බූස්ස බන්ධනාගාර විශේෂ අංශයේ රඳවා සිටි ඉන්දියන් ජාතික අමාන් ශේක් යන සැකකරු බන්ධනාගාර රෝහලේ දී ඊයේ (03) රාත්‍රියේ ඖෂධ ලබාදුන් ඖෂධ සංයෝජක නිලධාරියාගේ මුහුණට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් නිලධාරියා බිම ඇද වැටී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේ.

ප්‍රහාරයෙන් අදාළ නිළධාරියා කම්පනයට පත්ව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා මූලික විමර්ශනයක් සිදුකරමින් පවතින බවයි ගාමිණි දිසානායක මහතා කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *