මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා ට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය.
පෝස්ටර්ය පිළිබඳව තමන් නොදන්නා බවට හා සිය සේවකයින් විසින් මුද්‍රණය කර ඇති බවට අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ දසුන් තරංග නමැති මුද්‍රණාල හිමිකරුවාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සිංහලෙන් තිබූ පෝස්ටරයක් මුද්‍රණය කිරීමට භාරගෙන මුදල් ද ලබාගත් තමුන් එය නොදන්නා බව පැවසීමට තරම් අනවබෝධ පුද්ගලයෙක් දැයි විනිසුරුවරයා මෙහිදී සැකකරුගේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධා අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග මහතා සහ පොලිස් සැරයෙන් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු පෝස්ටරය මුද්‍රණය කිරීමට ලබාගෙන රුපියල් 43500ක මුදලක්ද ලබාගෙන ඇති බවය.