මහින්දත් ජොන්ස්ටනුුත් ගමන්ගත් රථය මතට අධිවේගයේ ප්‍රවේශපත්‍ර කවුළුවේ බැරියරය වැටෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල යක්ගහපිටිය පිටවීමේ පර්යන්තයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ගමන්ගත් වාහනය මතට ප්‍රවේශපත්‍ර කවුළුවේ බැරියරය පහත් කරවීමෙන් ඊට හානි සිදුවී තිබෙනවා.

පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ පෙරවරුවේ, ඔවුන් දෙදෙනා අනුරාධපුර බලා යමින් සිටියදීයි මෙම සිදුවීම සිදුව තිබෙන්නේ.

පොලිස් යතුරුපැදි හා ආරක්ෂකයන් ගමන් ගත් වාහන පිටවීමේ දොරටුව පසු කළ පසු සේවකයා විසින් බැරියරය පහතට දැමීම නිසා එය මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගත් වාහනයේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *