මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර දේපළ පවරා ගනිමින් රුපියල් ලක්ෂ 160කට අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පන්නල පොලිස් වසමේ අක්කර 4යි පර්චස් 23ක ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් අලෙවි කර මෙම මුදල් වංචාව සිදුකර ඇති බවටයි හෙළි වී තිබෙන්නේ.

2017 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම සිද්ධිය වාර්තා වී තිබු අතර අදාළ සැකකරු අත්අඩංගුවට ගැනුනේ ඊයේ දිනයේයි.

සැකකරු වයස අවුරුදු 72ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කළා.

සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් සහ රුපියල් 10000ක මුදල් ඇප මත මුදා හැර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *