මෝදි සහ ශාරුක් ඛානුත් අගය කළ හින්දි සිංදුවලට ටික්ටොක් කරපු ටැන්සානියාවේ අයියයි නංගියි සිංහල සිංදුවලටත් ටික් ටොක් කරයි

ඔබ නිතරම සමාජ මාධ්‍යයේ සැරිසරනවා නම් විශේෂයෙන්ම ටික්ටොක් මාධ්‍ය භාවිතා කරනවා නම් කිලී පෝල් චරිතය දැනටමත් ඔබට හුරු පුරුදු චරිතයක් වෙන්න ඇති..

එක් එක් රටවල ගීත වලට විවිධ ඉදිරිපත් කිරීම් හා නර්ථයන් සිදු කරන මේ තරුණයා සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියයි.

ටැන්සානියාවේ ගෝත්‍රික පවුලක උපන් කිලී පෝල් සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය වුණේ ඉන්දියානු නර්ථනයන් හා ගීත ටික්ටොක් හරහා ඉදිරිපත් කිරීම නිසා මෙන්ම ඒ ජන ජීවිතය මේ විඩියෝ හරහා නිරුපණය කළ නිසා

ඔහු මේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් කරන්නේ ඔහුගේ සහෝදරිය වන නිමා පෝල් සමගයි.

ඉන්දියාවේ ජාතික දිනයේදී එරට ජාතික ගීතය ගායනා කිරීමෙන් පසු කෝටි ගාණක ඉන්දියානු ජනතාව ඔවුන් වටා එක් වුණා වගේම ටික්ටොක් හරහා ඔහුව ෆ්ලෝව් කරා..

ඒ විතරක් නෙමෙයි, කිලීගේ මේ වීඩියෝ බොලිවුඩ් සිනමාවේ රජු ශාරුක් ඛාන්ගේ ද අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ කිලී පෝල් හා නිමාගේ වීඩියෝවක් ඔහුගේ ටිවිටර් ගිණුමේ හුවමාරු කර ගැනීමත් සමගයි ..

කිලීගේ හා ඔහුගේ සහෝදරියගේ දක්ෂතා අගයමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා ටිවිටර් පණිවිඩයක් හරහා සුබ පැතුම් එක් කරලා තිබුණා

ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් මහතාත් කිලී පෝල් හා ඔහුගේ සහෝදරිය මුණ ගැසී ඔහුට සුබ පැතුම් එක් කළේ ඔවුන්ගේ දක්ෂතා අගයමින්

ඉතින්, ටැන්සානියාවේ ගෝත්‍රික පවුලක ඉපදිලා ජීවිතේම වෙනස් කරගත්ත මේ අයියා නගෝ දෙන්නට දැන් ලංකාවේ ප්‍රේක්ෂයිනුත් ඉන්නවා

ඒකට හේතුව තමයි කිලී පෝල් හා නිමා පෝල් දැන් සිංහල ගීතත් ගායනා කරන නිසා.

ඔවුන් ගායනා කරපු සිංහල ගීත හරහා ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන ජනතාව අතරත් ඔවුන් මේ වනවිට ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *