යල අස්වැන්න දළදා සමිඳුට පූජා කරයි

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ “සිරි දළදා යල් අස්වනු පූජාව” අද(19) සිදු කෙරුණි.

දළදා සමිඳුන් උදෙසා තේවාවව භාරව කටයුතු කරන මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී එය පැවැත්විය.

ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු අංශ කිහිපයක් එක්ව සංවිධාන කළ මෙම යල් අස්වනු පූජාව පැවැත්වූයේ 8 වැනි වරටය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *