රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පැය 24 ක වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.
එම සංගමයේ ලේකම් අජිත් රත්නායක මහතා සඳහන් කළේ, උදෑසන 7.00 සිට වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
කෙසේවෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අද දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හැර තිබේ.
ඒ, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අද පෙරවරු 8.00 න් අවසන් වේ.
මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි පීඩාවකට පත් විය.