රට රැකියාවට ගිය තරුණයාට අත්වූ ඉරණම

අබුඩාබි රටේ සේවය කරමින් සිටියදී දින 10ක් තිස්සේ කිසිඳු තොරතුරක් නොමැතිව සිටි තරුණයෙකු මිය ගොස් ඇති බවට එරටින් දැනුම් දී ඇතැයි පවුලේ ඥාතීන් පවසනවා.

බද්දේගම ගෝනාපිනූවල ඇලපලවත්ත ප්‍ර දේශයේ පදිංචිව සිටි කවිදු සත්සර තරුණයා අබුඩාබි රටේ ආපන ශාලාවක සේවය කරමින් සිටියා.

වසර එකහමාරකට පෙර එරටට ගිය ඔහු දුරකතනය මගින් නිරන්තරව නිවස සමග සබදතා පවත්වා තිබෙනවා.

එහෙත් පසුගිය 6 වනදායින් පසු ඔහු පිළිබද කිසිදු තොරතුරක් නොමැතිව සිටි බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

එහෙත් දින 10කට පසු අද දිනයේ දී ඔහු සේවය කළ ආයතනයෙන් නිවැසියන්ට දැනුම් දී ඇත්තේ කවිදු සත්සර මිය ගොස් ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *