රෝහල් දැඩි සත්කාර ඒකකයේදී සිදුකළ සොරකම

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරාගෙන එහි තිබූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන පුද්ගලික බැංකුවකින් ණය මුදලක් වංචනික ලෙස ලබාගත් තවත් හෙදියක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකි.

ඉකුත් අගෝස්තු මස 16 වනදා පැමිණිලිකාර, හොරණ ප්‍රදේශයේ පදිංචි හෙදියකගේ මුදල් පසුම්බිය දැඩි සත්කාර ඒකකයේ තිබියදී රුපියල් 2,000කට අධික මුදලක් සහ හැඳුනුම්පත් ඇතුළු ලිපි ලේඛන සමග අස්ථානගත වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් ඇය දැඩිසත්කාර ඒකකය තුළ සොයාබලා අනතුරුව පානදුර දකුණු පොලීසියට පැමිණිල්ලක්ද කර තිබූ බව පොලීසිය කියයි.

පැමිණිලිකාර හෙදියගේ ලිපිනයට මීට දින දෙකකට පමණ ඉහතදී පානදුර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් “ඔබ ලබාගත් ණය මුදලේ වාරික මුදල් නිසි අයුරින් ගෙවා නොමැති බවත් එය ගෙවන ලෙස,” සිහි කැඳවන ලිපියක් ලැබීමත් සමගම එම ලිපිය රැගෙන ඇය බැංකුව වෙත ගොස් තොරතුරු සොයා බැලීමේදී ඇයගේ නමින් ණය මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන්  හෙදිය පොලීසියට කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියව අද (27) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *