ලොරි රථයක දොරක් ගැලවී යාමෙන් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට

බේකරි නිෂ්පාදන රැගෙන යන කුඩා ප්‍රමාණයේ ලොරි රථයක අනාරක්ෂිතව තැනූ දොරක් ගැලවී යාමෙන් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාද්දුව පොලිස් වසමට අයත් බේකරි නිෂ්පාදන ආයතනයක ලොරි රථයක පැති දොරක් මෙසේ රථයෙන් ගැලවී ගොස් මාර්ගයේ පාපැදියකින් ගමන් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ඇගේ වැදීමෙන් අනතුර සිදුව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ සිසුවා පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

13 හැවිරිදි මෙම දරුවා වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.

අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *