ලොවම මවිත කරමින් කැනඩා අගමැති දික්කසාද වෙයි

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඔහුගේ බිරිඳ වන සොෆී ග්‍රෙගෝයර් සිය දික්කසාදය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එය අනපේක්ෂිත ප්‍රකාශයක් බවයි. ජස්ටින් ටෲඩෝ සහ ඔහුගේ බිරිඳ මෙන්ම දරුවන් ද ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය හමුවේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව සිටියා.

කෙසේවෙතත් ටෲඩෝ සහ සොෆි සිය වසර 18 ක විවාහ දිවිය නිම කරන බව ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මේවනවිට 51 වන වියේ පසුවනවා.

ඔහුගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර්ගේ වයස අවුරුදු 48 ක්.

ඔවුන් දෙපළ විවාහ දිවියට එළඹ ඇත්තේ 2005 වසරේදීයි.

මේවනවිට ඔවුන් දරුවන් තිදෙනෙකුගේ මව්පියන්. ජස්ටින් ටෲඩෝ ලොව කඩවසම් රාජ්‍ය නායකයින් අතර මුල් පෙළේ පසුවන අතර ඔහුගේ රූමත් බිරිඳ සොෆී ද රූමත් කාන්තාවක්.

කෙසේවෙතත් මේවනවිට කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිය දික්කසාදය සම්බන්ධයෙන් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ බොහෝ අර්ථවත් සහ දුෂ්කර සංවාදවලින් පසුව, අපි වෙන්වීමට තීරණය කර ඇති බවයි.

සොෆී ග්‍රෙගෝයර් ද ඊට සමාන පණිවිඩයක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබෙනවා.

කැනඩාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ දික්කසාදය සම්බන්ධයෙන් නීතිමය ගිවිසුමකට අත්සන් තබා ඇති බවයි.

ඊට අදාළව ඔවුන් සියලු නෛතික හා සදාචාරාත්මක පියවර ගෙන ඇති බව ද එම කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ජස්ටින් ටෲඩෝ සහ සොෆී ග්‍රෙගෝයර් සෑම විටම දේශීය මෙන්ම විදේශීය උත්සව සහ සංචාරවලදී සමීපව සිටිනු දක්නට ලැබුණා.

එහෙත් මෑත කාලීනව සොෆී ග්‍රෙගෝයර් සිය සැමියා සමග එලෙස සමීපව සිටිනු දක්නට නොලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනා ඉකුත් මැයි මාසයේ පැවැති බි්‍රතාන්‍යයේ චාල්ස් රජුගේ රාජභිෂේකය සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටි අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත් මාර්තු මාසයේදී කැනඩාවට පැමිණි අවස්ථාවේදී ද සමීපව සිටින අයුරු දැක ගත හැකි වුණා.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සම්බන්ධයෙන් මෙරට තුළ ද ඉකුත් දිනවල කතාබහට ලක් වුණා.

ඒ, මානව හිමිකම් කඩකළ බව පවසමින්

ඔහු ශ්‍රී ලංකාවට දිගින් දිගටම එල්ල කළ චෝදනා හමුවේයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *