වැඩබලන මුදල් ඇමති සහ සෞඛ්‍ය ඇමති අතර සාකච්ඡාක්

සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව තිබෙනවා.

මේ අතර වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවී මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටම රුපියල් 35000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරු 6.30 සිට ආරම්භ කර ඇති මෙම වැඩවර්ජනය හේතුවෙන් දහස් ගණන් රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *