විදුලි පංකාවක ගැටී පාසල් සිසුවෙක් මරුට

පුස්සැල්ලාව ප්‍රදේශයේ පාසලක සිදුවු අනතුරකින් සිසුවෙකු මියගොස් තිබේ.

අදාළ සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමඟ පංති කාමරය තුළ සෙල්ලම් කරමින් සිටියදී පුටුවක ආධාරයෙන් මේසයක් මතට නැගීමේදී සිවිලීමේ සවිකර තිබු විදුලි පංකාවේ ගැටී ඇති අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු සිසුවා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *